^Back To Top
foto1 foto2 foto3 foto4 foto5

Sri Lankan Cyber Bazaar

Sri Lanka Oil Corporation - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

Sri Lanka Oil Corporation - Low Quality Petrol

 සිංගප්පූරුවෙන් ගෙනා ගුවන් යානා තෙල් මෙ.ටො. 7500ක් පාවිච්චියට සුදුසු නෑ

 සංස්ථාවට පාඩුවක් නැතිලු

 * භූමිතෙල් ලෙස යොදා ගැනීමට තීරණය කරයි

  මෙරටට ගෙන ආ ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බැව් අනාවරණය වෙයි. එහෙයින් මේ තෙල් තොගය භූමිතෙල් ලෙස භාවිත කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

  අවස්ථා පහක දී මේ තෙල් තොගය පරීක්ෂා කර බලා මේ තීරණය ගත් බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති දයානන්ද විදානගමාච්චි මහතා ‘දිනමිණ’ ට පැවසීය. සිද්ධියට අදාළ සම්පූර්ණ වාර්තාවක් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලබා දීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා පවසයි. 

  ඉකුත් 22 වැනිදා මේ තෙල් තොගය රැගත් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය සිංගප්පූරු සමාගමක් විසින් ආනයන කර ඇත. නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා තෙල් මෙට්‍රික් ටොන් 20,000ක් ගබඩා කර තිබිණි.

 

  ගුවන් යානා තෙල්, ටැංකි දෙකක හසුරා ඇති අතර ඉන් එක ටැංකියක මෙට්‍රික් ටොන් 12,500 ක් ද අනෙක් ටැංකියේ මෙට්‍රික් ටොන් 7500 ක් ද හසුරා තිබී ඇත. 7500 තිබූ ටැංකියේ තෙල් සංචිතයට නුසුදුසු තත්ත්වයේ ඒවා බව හඳුනා ගැනීමෙන් පසු ඛනිජ තෙල් සංස්ථාව විසින් එය ප්‍රතික්ෂේප කළ බව අදාළ සමාගමට දැනුම් දී තිබේ. 

  නතුරුව එම තෙල් භූමිතෙල් ලෙස භාවිතා කළ හැකි බව ප්‍රකාශ කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අදාළ සමාගමට දැනුම් දී ඇත. මෙම තීරණය නිසා ඛනිජ තෙල් සංස්ථාවට කිසිදු හානියක් සිදු වී නොමැත. ලෝක වෙළෙඳ පොළේ ගුවන් යානා තෙල් හා භූමිල් සඳහා මිල සමාන අගයක් ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි. 

  ගුවන් යානා හා භූමිතෙල් එකම කාණ්ඩයකට අයත් ද්විත්ව ක්‍රියාකාරී ඉන්ධන වර්ගයක් වන අතර භූමිතෙල් තවදුරටත් පිරිපහදුවේ දී වෙනත් ඒකකයක් තුළින් ක්‍රියාකාරී කොට ගුවන් යානා තෙල් සඳහා සදා ගැනේ. ගුවන් යානා තෙල් අදාළ සමාගමෙන් ලැබීම දින කිහිපයක් ප්‍රමාද වූ හෙයින් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගුවන් යානා තෙල් නිෂ්පාදනය උපරිම කොට භූමිතෙල් නිෂ්පාදනය අවම කිරීමට ද පසුගිය දින කිහිපයේ පියවර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබුණි.

  ඒ අනුව අඩු වූ භූමිතෙල් ප්‍රමාණය පියවීමට මෙම මෙට්‍රික් ටොන් 7500 ට හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා පෙන්වා දෙයි.මේ තෙල් තොගයම ප්‍රතික්ෂේප කළේ නම් ගුවන් යානා තෙල් තොග සංචිතයේ හිඟයක් ඇති වීමට ද ඉඩ තිබූ බව ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

 

 ඩීසල් බවුසරේට තව මොනවද දාලා?

 කිසියම් දියරයක් කලවම් වී ඇතැයි කියන ඩීසල් ලීටර 6600 රැගත් බවුසරයක් ගාලු පාරේ තෙල් හලක් අසලදී සොයාගෙන පොලීසිය කැඳවා ඇත.

 

එම බවුසරයේ තෙල් ඉන්ධනහලේ ටැංකිවලට පුරවන්නට පෙර ගත් සාම්පලය අනුව කිසියම් දියරයක් ඊට කලවම් වී ඇතැයි සැක කෙරේ.

 

මේ බවුසරය සමග තවත් බවුසර 20ක් නැගෙනහිර සිට තවත් තැන්වලට යවා ඇතැයිද තොරතුරු ලැබී තිබේ.

 

Copyright © 2011. ADZ KING - Sri Lankan Cyber Bazaar Rights Reserved.


Facebook youtube