http://www.gossiplankanewslk.com/images/joomla_logo_black.jpg

Breaking news
User Rating:  / 0

නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරියට තර්ජනය කර පාසල් භූමියේදීම ඇය දණ ගැස්‌සවූ වයඹ පළාත් සභාවේ (එජනිස) මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ලබන 27 වැනිදා දක්‌වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම දිසා විනිසුරු සහ මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (17 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා නවගත්තේගම පොලිසිය මගින් ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගත් අතර එදිනම ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එහිදී මන්ත්‍රීවරයා ඊයේ (17 වැනිදා) වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පුත්තලම අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මත සැකකාර මන්ත්‍රීවරයා ඊයේ (17 දා) නැවත ඉදිරිපත් කළ අතර ඔහු ලබන 27 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

User Rating:  / 0

පෞද්ගලික බස්‌ ගාස්‌තු සියයට 7 කට වඩා අඩු ප්‍රතිශතයකින් ජුලි 1 දා සිට ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඊයේ (17 වැනිදා) "දිවයින"ට පැවසීය.

බස්‌ ගාස්‌තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක්‌ පිළිබඳව බස්‌ සංගම් සමග සාකච්ඡා කොට සැකසූ  වාර්තාවක්‌ පෞද්ගලික මගී ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතාට යොමු කළ බවද හෙතෙම කීය.

User Rating:  / 0

ආසියානු විවාහක ජාත්‍යන්තර රූ රැජින කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලංගා සේනානායක විසින් හිමිකර ගත්තාය.

මැලේaසියාවේ පැවැති මෙම රූ රැජින තරගයේදී  හොඳම නිරූපිකා කිරුළද ඇය විසින් දිනා ගත්තාය.

User Rating:  / 0

කුණාටු සයුරේ කඳුළැලි අතරේ රටක්‌ හැඬවූ ශෝකාන්තයෙන් බිඳක්‌ !



වළාලයට සුළං හමන්නේ ගොඩබිම දෙසිනි. වාරකන් කාලයට ගොඩබිම දෙසට හමන සුළඟ රළුය. රැළි පිට රැළි නඟන මුහුද හැසිරෙන්නේ රකුසකුගේ වෙස්‌ ගෙනය. මේ නිසා වාරකන් කාලයට මුහුදු නොයන ධීවරයෝ මුහුදු රස්‌සාවට යන්නේ සුළං වළාලය වී දියඹ නිසොල්මන් වූ විටය. මේ වාරකන් කාලය වූවත් සුළං වළාලය වූ දවසට ධීවරයෝ දියඹට යන්නේ රස්‌සාව නොකර ජීවත් වීමට බැරිකම නිසාය. පසුගිය හත්වැනිදා සවස්‌ කාලය උදා වන විට දියඹ පැවතියේ නිසොල්මන්වය. සුළං හැමුවේ ගොඩබිම දෙසින්ය. මේ නිසා වෙනදා මෙන් සැක හැරගත් ධීවරයෝ සුපුරුදු මුහුදු රස්‌සාවට ගියෝය. 

User Rating:  / 0

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ වඩාත් කතාබහට ලක්‌වූ ක්‍රීඩකයා බවට පත්විය.

බර්මින්හැම්හිදී පැවැති ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තය අතර තරගයෙන් එංගලන්තය ජය ගැනීමත් සමග ඩේවිඩ් වෝනර් සිත්තැවුලට පත්විය. තරගය අවසන් වීමෙන් පසු අලුයම 1.00 ට පමණ ඩේවිඩ් වෝනර් ඇතුලු ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහ එංගලන්ත කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකු බර්මින්හැම් හි පිහිටි රාත්‍රි ආපනශාලාවකට ගොස්‌ ඇත.

ගීක් අපි වෙනුවෙන් අපි

 maxsatv-images.gifgeek